― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsකැබිතිගොල්ලෑවේ OICට පහරදීම සම්බන්ධයෙන් විමර්ශන අරඹයි

කැබිතිගොල්ලෑවේ OICට පහරදීම සම්බන්ධයෙන් විමර්ශන අරඹයි

කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට පහර දුන්නා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ඊයේ (25) සවස පැවසුවා.

පොලිස්පතිවරයා විසින් කළ නියෝගයකට අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් එම පරීක්ෂණ කටයුතු සිදුකර ඉදිරියේදි වාර්තාවක් ලබා දීමට නියමිත බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.

කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා තමන්ට පහර දුන් බව පවසමින් කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පෙරේදා (24) සවස කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර තිබුනා.

පහර කෑමට ලක්වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධපුර ශික්ෂණ රෝහලේ දාහතර වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.