31 C
Colombo
Wednesday, April 2, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනිදහස් දින සැමරුමට එරෙහිව කළු කොඩි ඔසවන්න

නිදහස් දින සැමරුමට එරෙහිව කළු කොඩි ඔසවන්න

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දින සැමරුමට එරෙහිව කළු කොඩිය ඔසවන ලෙස මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සැලසුම් කර ඇති නිදහස් දින සැමරුම් උත්සවයට විරෝධය පළ කරමින් මඩකලපුවේදී විරෝධතාවක් සංවිධානය කර ඇති බවද ඔහු දැනුම් දුන්නේය. නිදහස් දින උත්සවයට අදාළව මඩකලපුවේදී කළු කොඩියක් ඔසවමින් තම අප්‍රසාදය පළ කරන බවද හෙතෙම පවසා තිබේ.

රට දූෂණය කළ දේශපාලන නායකයින්ට එරෙහිව තම නිවෙස් ඉදිරිපිට කළු කොඩි ඔසවන ලෙසද ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටී. දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලුවලට එළඹෙන නිදහස් දිනයට පෙර විසඳුම් ලබාදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළද මෙතෙක් එය ඉටු වී නොමැති බවද හෙතෙම පෙන්වා දී තිබේ.