25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරුවීම්

පොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරුවීම්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පිරිසකට නියෝජ්‍ය පොලිස්පති ධුරයේ රාජකාරී ඉටු කිරීම සඳහා පත් කිරීම් සහ තවත් පිරිසකට හදිසි රාජකාරී අවශ්‍යතාව මත ස්ථාන මාරු වීම් ලබාදී තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ, මැතිවරණ කොමිෂන් සභාවේ සහ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ගේ අනුමැතියට යටත්වයි මෙම ස්ථාන මාරුවීම් සහ පත් කිරීම් සිදුකර ඇත්තේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටු කිරීම සඳහා පත්කර ඇති අතර තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 6 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ඩී.වී.පී. අජිත් හේමසිරි, එස්.ජී.ආර්. ගුණසේකර, අයි.ටී.බී. සුගතපාල සහ ඕ. හේවාවිතාරණ යන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් නියෝජ්‍ය පොලිස්පති තනතුරුවල වැඩ බැලීමට පත්කර තිබෙනවා.

ජේ.ඒ.කේ.ජයසිංහ, එච්.සී.ඒ. පුෂ්පකුමාර, කේ.එම්.යූ.පී. කළුපහන, ඒ.ඒ. එදිරිමාන්න, එන්.ආර්.එච්.පී. ගුණසේකර සහ එච්.එම්.එන්.එන්. හේරත් යන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට ස්ථාන මාරු ලබාදී තිබෙනවා.