― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලංකන් ගුවන් නියමුවන් 42ක් අස්වීමේ ලිපි බාරදෙයි

ශ්‍රී ලංකන් ගුවන් නියමුවන් 42ක් අස්වීමේ ලිපි බාරදෙයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 42 ක් පසුගිය සතියේ සේවයෙන් ඉවත්වීමේ ලිපි භාරදුන් බව එම ගුවන් සමාගම පවසයි.

එමෙන්ම ගුවන් නියමුවන් 85 ක් මේ වන විට ගුවන් සේවා අධිකාරියෙන් සහතික කිරීමේ ලිපි අයදුම් කර ඇති බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවෙක්ට ඩොලර් 10,000 ක පමණ මාසික වැටුපක් හිමිවුවද එහිදී ඩොලරයේ අගය රුපියල් 225 ක අඩු මට්ටමකට ගණන කරන බවයි.

වෙනත් ජාත්‍යන්තර ගුවන් සමාගම්වල ගුවන් නියමුවෙක්ට රුපියල් 370 ට ගණනය කරන ඩොලර් 30,000 ත් 40,000 ත් අතර බදු නිදහස් වැටුපක් ලැබෙන බවත් ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 240 ක් පමණ සේවය කරන බවත් ඉන් නියමුවන් 80 ක් පමණ ඉවත්වුවහොත් මෙම වසර මැද වන විට ගුවන් සමාගම දැඩි අර්බුදයකට පත්වන බවයි ඔහු පවසන්නේ.