― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලංකාවේ ණය දීර්ඝ කළ බව චීනය කියයි

ශ්‍රී ලංකාවේ ණය දීර්ඝ කළ බව චීනය කියයි

චීන එක්සිම් බැංකුව ශ්‍රී ලංකාවට ණය දීර්ඝ කිරීමක් ලබා දුන් බවට චීන විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කර ඇතැයි රොයිටර් පුවත් සේවය පවසනවා.

ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම වසර දෙකක කාලයක් සඳහා අත් හිටුවන බවත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය මුදල ලබා ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන බවත් පවසමින් ලිපියක් පසුගියදා චීනයේ එක්සිම් බැංකුව නිකුත් කර තිබුණා.

ශ්‍රී ලංකාව මුහුණදෙන අභියෝග සහ අසීරුතා චීනයට දැනෙන බවත් චීනයට හැකි උපරිම ධාරිතාවයෙන් ශ්‍රී ලංකාවේ සමාජ සහ ආර්ථික සංවර්ධනයන් වෙනුවෙන් සහාය වන බවයි රොයිටර් වාර්තාව පිළිබඳ අදහස් දක්වමින් චීන විදේශ කටයුතු අමාත්‍යංශය පවසා ඇත්තේ.

අදාළ වාර්තාවේ දැක්වුණේ ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත චීනය අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති බවටයි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 29ක ණය ලබා ගැනීමට ද චීනය සහාය ලබාදෙන බව ප්‍රකාශකර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

එම වාර්තාවේ දැක්වෙන්නේ කලාපීය ප්‍රතිවාදීන් වන චීනය සහ ඉන්දියාව දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මිලියන 22ක ජනතාවක් සිටින ශ්‍රී ලංකාවේ විශාලතම ණය දෙන්නන් වන බවයි.

‘ශ්‍රී ලංකාව දුෂ්කරතා හා අභියෝගවලට මුහුණ දෙන බැවින් ශ්‍රී ලංකාව ගැන හැඟෙන අතර ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික සංවර්ධනයට අපට හැකි උපරිමයෙන් උදව් කරමින් සිටී’ යනුවෙන් චීන විදේශ අමාත්‍යාංශය රොයිටර් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළ බවටයි වාර්තා වන්නේ.

ඉන්දියාව මේ මස මුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිපියක් යවමින් කියා සිටියේ ශ්‍රී ලංකාවට මූල්‍ය සහ ණය සහන ලබා දීමට කැපවන නමුත් IMF සමඟ අවසන් එකඟතාවකට පැමිණීමට චීනයේ සහාය ද අවශ්‍ය බවයි.

2020 වසර අවසානයේදී, චීනයේ EXIM සමාගම ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.83ක් ණයට ලබා දී ඇති අතර එය ශ්‍රී ලංකාවේ ණයවලින් 3.5%ක් බවටයි පසුගිය වසරේ මාර්තු මාසයේදී නිකුත් කරන ලද IMF වාර්තාවක දැක්වුණේ.

EXIM යනු ගෝලීය වශයෙන් රජයන් සහ ප්‍රධාන කර්මාන්ත සඳහා ණය ලබා දීම සඳහා බීජිං විසින් පැවරී ඇති ප්‍රතිපත්ති බැංකුවක්.