30 C
Colombo
Sunday, December 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාර්ලිමේන්තුව වීඩියෝ කළ තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට

පාර්ලිමේන්තුව වීඩියෝ කළ තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට

  • Tags:
  • ~

පාර්ලිමේන්තුව සහ ඒ අවට වීඩියෝ දර්ශන ගත කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසනවා.

මෙම සැකකරුවන් දෙදෙනා ජංගම දුරකථනයෙන් ඇමතුම් ලබා ගන්න මුවාවෙන් පාර්ලිමේන්තුව වීඩියෝ දර්ශන කිරීමේ දී පාර්ලිමේන්තු කොට්ඨාශයට අයත් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තලංගම පොලිසියට භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දි ගීතයක රූප රචනයකට අවශ්‍ය දර්ශන ගැනීම සඳහා පැමිණි බවටයි ප්‍රකාශ කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මහනුවර, මහයියාව සහ යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් වයස අවුරුදු 22 හා 31 යන වයස්වල පසුවන්නන්.

තලංගම පොලීසියේ නිලධාරීන් පිරිසක් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.