27.2 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහ කන්නයේ දී කාබනික පොහොරවලට රජයෙන් මිලියන 16,000ක්

මහ කන්නයේ දී කාබනික පොහොරවලට රජයෙන් මිලියන 16,000ක්

මහ කන්නයේ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 16,000ක් වෙන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරනවා.

කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ගේ ගැටළු සම්බන්ධව එම වෘත්තිය සමිති නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

කාබනික පොහොර මිල දී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයට තමන් ඉදිරිපත් කළ යෝජනාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්පූර්ණ සහයෝගය පළ කළ බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ.

එමෙන්ම මහ කන්නය සාර්ථක කර ගැනීම සඳහා ගොවීන්ට දිය හැකි හැම සහනයක් ලබාදීමට රජය කටයුතු කර ඇතැයි ද ඔහු සඳහන් කර සිටියා.

ඒ, අනුව මහ කන්නයේ දී කාබනික පොහොර බෙදාහැරීම සඳහා අදාළ දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජිතයින්ට වගකීම පැවරූ බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.