― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsPoliticalකිසිදු රාජ්‍ය ආයතනයක් වසා දැමීමට රජය මෙතෙක් තීරණය කර නැහැ - අගමැති

කිසිදු රාජ්‍ය ආයතනයක් වසා දැමීමට රජය මෙතෙක් තීරණය කර නැහැ – අගමැති

කිසිදු රාජ්‍ය ආයතනයක් වසා දැමීමට රජය මෙතෙක් තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

මෙරට වත්මන් ආර්ථික, සමාජීය තත්ත්වයන් පිළිබඳ වෘත්තීය සමිති නියෝජිතයින් සමග අද (30) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එවැනි තීරණ එක් එක් විකල්ප පමණක් වන අතර රාජ්‍ය ආයතනයක් වසා දැමීමට තීරණය කරනවා ද නැතහොත් ආයෝජනයක ගමන් කරනවා ද, කළමනාකාරීත්වය පමණක් භාර දෙනවා ද වැනි විවිධ ක්‍රමවේද මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බව අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.

විශාල වෙනස්කම් ඇති නොකොට එදිනෙදා ආදායම් මාර්ග වැඩිකර ගතහැකි ආයතන සහ ඒ සඳහා වූ පියවර වෙන වෙනම සාකච්ඡා කර අමාත්‍යාංශ හරහා ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත ආයතන ලාභ ලැබීමට පරිවර්තනය කිරීම ද එක් ඉලක්කයක් වන අතර එහිදී සිය යෝජනා සාක්ෂාත් කර ගැනීමට සියලු පාර්ශවයන්ගේ සහ‍යෝගය බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවා.