― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsPoliticalරටේ බංකොලොත් ස්ටිකරය තව ටික කාලෙකින් ගැලවෙනවා

රටේ බංකොලොත් ස්ටිකරය තව ටික කාලෙකින් ගැලවෙනවා

එක්සත් ජාතික පක්ෂය හැමදාම වැඩ කළේ රටේත් ජනතාවගේත් අභිවෘද්ධිය උදෙසා බවත් ලංකාවේ බංකොලොත් ස්ටිකරය තව ටික කලකින් ගැලවී යනු ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කරණ්දෙනිය සහ බලපිටිය ආසනවල එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ප්‍රශ්න ටිකක් තවමත් ඉතිරිවී තිබෙන අතර ඒ සියල්ලම තව නොබෝ දිනකින් විසඳෙනු ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂය හැමදාම වැඩ කළේ රටේත් ජනතාවගේත් අභිවෘද්ධිය වෙනුවෙන් බවත් එක්සත් ජාතික පක්ෂය රට පාලනය කරන සෑම අවස්ථාවකදීම රට ඉදිරියට ගිය අතර වෙනත් දේශපාලන කණ්ඩායම් විසින් ජාතිවාදය, ආගම්වාදය වපුරා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු පරාජය කළත් එජාපය සෑම විටම සිටගත්තේ ජනතාව වෙනුවෙන් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.