9.2 C
London
Thursday, March 23, 2023

සංස්කෘතික අනන්‍යතාව සුරැකීම සඳහා ජනපති දුන් උපදෙස

සිංහල සංස්කෘතික ආයතනය පවත්වාගෙන යාම සහ එහි ඉදිරි කටයුතු වෙනුවෙන් සුදුසු අමාත්‍ය මණ්ඩල සංදේශයක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත උපදෙස් දුන්නේය.

මෙරට සංස්කෘතික අනන්‍යතාව සුරකින සිංහල සංස්කෘතික ආයතනයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් සංස්කෘතික අමාත්‍යාංශය හා සිංහල සංස්කෘතික ආයතනය එක්ව ඒකාබද්ධ කමිටුවක් පත් කරගන්නා ලෙස ද ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් දෙනු ලැබුවේ සිංහල සංස්කෘතික ආයතනයේ භූමිය සම්බන්ධව අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සකච්ඡාවේදී ය.

සිංහල සංස්කෘතික ආයතනය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

සිංහල සංස්කෘතික ආයතනය පවතින භූමියේ වාණිජමය වටිනාකම ඉතා ඉහළ බැවින් ආයතනයේ ගොඩනැඟිලි පහසුකම් සංවර්ධනය කර ආයතනයට ගැළපෙන ක්‍රියාකාරකම් මගින් ආදායම් ඉපැයීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, ඒ සඳහා යම් මූල්‍ය ප්‍රතිපාදනයක් අවශ්‍ය නම් එය සංස්කෘතික අමාත්‍යාංශය හරහා ලබාදීමට අවශ්‍ය කටයුතු කළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

දැනට සිංහල සංස්කෘතික ආයතනයේ සාමාජිකයෝ 300ක් පමණ සිටින අතර, තවදුරටත් එම සාමාජිකත්වය පුළුල් කර උගත් තරුණ පරපුරට අවස්ථාව සළසා දීම තුළින් නව අදහස් ලබාගත හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, සිංහල සංස්කෘතික ආයතනයේ හිටපු සභාපති ජීවන් කුමාරතුංග යන මහත්වරු සහ සිංහල සංස්කෘතික ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ අදාළ ආයතනවල රාජ්‍ය නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ

Latest

රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක්

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසින්...

ඩොලරය ඉහළට

අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු...

බන්දුලට ඉල්ලා අස් වෙන්නැයි රතු එළියක්

බස්‍ රථ අමතර කොටස් සහ ඒවායේ සේවා ගාස්තු අඩු...

ඩයනා ගමගේ සම්බන්ධයෙන් CIDයට නියෝගයක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පුරවැසිභාවයට අදාළ කාරණා කිහිපයක් සම්බන්ධයෙන්...

Don't miss

රනිල්ව ජනපති කළේ බැසිල් – ඉන්දික අනුරුද්ධ

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීමට යෝජනා කළේ පොදුජන පෙරමුණු...

රනිල්ව විශ්වාස කරලා තමයි IMF එකෙන් ණය ලබාදුන්නේ – හිරුණිකා

රනිල් වික්‍රමසිංහ තනි පුද්ගලයකු ලෙස විශ්වාස කර ජාත්‍යන්තර මුල්‍ය...

ඩී.එස්. සේනානායක දර්ශනය ක්‍රියාත්මක කළ සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් වුණා – ජනපති

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි...

IMF කොන්දේසිවල විරුද්ධ විය යුතු කොන්දේසි තියෙනවා කියලා මම හිතන්නෑ – සිරිසේන

මුල්‍ය අරමුදලේ මූලික කොන්දේසි දහයේ විරුද්ධ විය යුතු කොන්දේසියක්...

මහින්දානන්ද අලුත්ගමගේට සභාපති ධුරයක්

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක...

රනිල්ව ජනපති කළේ බැසිල් – ඉන්දික අනුරුද්ධ

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීමට යෝජනා කළේ පොදුජන පෙරමුණු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පැවසීය. ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්...

රනිල්ව විශ්වාස කරලා තමයි IMF එකෙන් ණය ලබාදුන්නේ – හිරුණිකා

රනිල් වික්‍රමසිංහ තනි පුද්ගලයකු ලෙස විශ්වාස කර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ණය මුදල ලබාදුන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය. ඇය...

ඩී.එස්. සේනානායක දර්ශනය ක්‍රියාත්මක කළ සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් වුණා – ජනපති

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here