28 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද, හෙට නිදහස් දින පෙරහුරුවක් නැහැ

අද, හෙට නිදහස් දින පෙරහුරුවක් නැහැ

75 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද (30) නොපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

ඒ අනුව අද මාර්ග වසා තැබීමක් සිදුනොවනු ඇති. නිදහස් දින පෙරහුරු හේතුවෙන් ප්‍රකාශයට පත් කළ මාර්ග සැලසුම යළි ක්‍රියාත්මක වන්නේ, ලබන පළමු වැනිදා සිට පෙබරවාරි 4 වැනිදා දක්වාය.

රථවාහන සැලසුමට අනුව උදෑසන 05 සිට දහවල් 12 දක්වා කාලය තුළ කොළඹ ගාලුමුවදොර කේන්ද්‍ර කරගනිමින් මාර්ග 20ක් වසා තැබෙන අතර වාහන ගමනාගමනය ද සීමා කෙරෙන බවත් පොලිසිය ප්‍රකාශ කළා.

අදාළ කාලසීමාවේදී එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට පොලිස් රථවාහන නිලධාරීන්ගේ උපදෙස් මත ගමන් කළ හැකියි.