24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධිකරණයේ නව පත්වීම් කිහිපයකට අනුමැතිය

අධිකරණයේ නව පත්වීම් කිහිපයකට අනුමැතිය

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් තිදෙනෙකු පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය අද (30) හිමිවී තිබෙනවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන්ද අභියාචනාධිකරණයේ විනිසුරුවරයකු වශයෙන් කටයුතු කළ නිශ්ශංක බන්ධුල කරුණාරත්නන මහතා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වශ්‍යයෙන්ද සිවිල් අභියාචන මහාධිකරණයේ කටයුතු කළ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු වශ්‍යයෙන්ද පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු ව්‍යවස්ථාදායක සභාව ඒකමතිකව මෙම තනතුරු වලට විනිසුරුවරුන් පත් කිරීමට අනුමැතිය ලබා දුන්නේය.