28 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනුරාධපුරයේ සිට වවුනියාව දක්වා දුම්රිය මාර්ගයේ සංවර්ධනය කටයුතු මාස 5ක් තුළ අවසන්...

අනුරාධපුරයේ සිට වවුනියාව දක්වා දුම්රිය මාර්ගයේ සංවර්ධනය කටයුතු මාස 5ක් තුළ අවසන් කරනවා – බන්දුල ගුණවර්ධන

උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරයේ සිට වවුනියාව දක්වා කොටසේ සංවර්ධන කටයුතු ඉදිරි මාස 5 තුළ අවසන් කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ දුම්රිය මාර්ගයේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ නිරීක්ෂණයකට එක්වෙමින්.

පසුගිය 8 වැනිදා ආරම්භ කෙරුණු උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට වව්නියාව දක්වා කොටසේ සංවර්ධන කටයුතු මේ වන විට කඩිනමින් සිදු කෙරෙමින් පවතී. මෙම වසරේ සිදු කෙරෙන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය වන්නේද මෙම දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියයි.

ඉන්දියාවේ IRCON සමාගම මගින් සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 123 ක්‌ සංවර්ධනය කිරීමට නියමිතයි. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 91.27 ක්‌ වෙන්කර තිබෙනවා.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ඉදිකිරීම් භාර සමාගම්වල නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.