29.5 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඉන්දීය සුපිරි ආරම්භක පිතිකරු ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඉන්දීය සුපිරි ආරම්භක පිතිකරු ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු මුරලි විජේ සිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මුරලි විජේ ජාත්‍යනතර ටෙස්ට් තරග 61කට, එක්දින තරග 17කට සහ විස්සයි විස්ස තරග 09කට ක්‍රීඩා කරමින් සියලුම ආකෘතීන් හරහා ජාත්‍යන්තර තරග 87කදී ඉන්දියාවව නියෝජනය කර තිබෙනවා.

ඔහු අවසන් වරට ඉන්දියාව වෙනුවෙන් 2018 වසරේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පර්ත්හිදී ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇති අතර, ඉන් අනතුරුව ඔහුට ඉන්දීය කණ්ඩායම තුළ ස්ථානයක් තහවුරු කර ගැනීමට හැකියාව ලැබුනේ නැහැ.

වසර නවයක් පුරා දිවෙන මුරලිගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ, ඉන්දියාවේ වඩාත්ම විශ්වාසදායක ආරම්භක පිතිකරුවෙකු බව ඔහු ඔප්පු කරනු ලැබුවා.

38 හැවිරිදි වියේ පසුවන මුරලි විජේ ටෙස්ට් තරග 61කදී ශතක 12ක් සහ අර්ධ ශතක 15ක් සමඟින් ලකුණු 3982ක් රැස් කරගෙන සිටිනවා.