― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews"උඹලා වතුර කැපුවා මදිවට, බිල දෙන්නත් එනවද යකෝ" - වතුර බිල දෙන්න...

“උඹලා වතුර කැපුවා මදිවට, බිල දෙන්නත් එනවද යකෝ” – වතුර බිල දෙන්න ගිය ආදායම් සහයකට ගුටි පූජාවක්

ඇරැව්වල, මාලිගාවත්ත පාර ප්‍රදේශයේ නිවසකට ජල බිල්පත ලබාදීම සඳහා ගිය ආදායම් සහකාරවරයෙකුට නිවෙස් හිමියා විසින් පහර දී ඔහුගේ බිල් පොතට අලාභ හානි සිදුකළ පුවතක් වාර්තා වනවා.

උඹලා වතුර කැපුවා මදිවට, බිල දෙන්නත් එනවද යකෝ” යැයි ආවේගශීලී වෙමින් නිවෙස් හිමියා ආදායම් සහකාරවරයාට පහර දී ඔහු සතුව තිබූ බිල් පොත උදුරාගෙන වතුර බැරලයකට දමා ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ජාතික ජලසම්පාදන මණ්ඩලයේ කැස්බෑව ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ ආදායම් සහකාරවරයෙක් බව සඳහන්. මෙම ආදායම් සහකරවරයා අද (30) පෙරවරුවේ ඇරැව්වල ප්‍රදේශයේ ජල බිල්පත් නිකුත් කරමින් සිටි අවස්ථාවේදී මෙලෙස පහරකෑමට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පහරදීම සිදුකළ නිවෙස් හිමියා 2021 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා ඔහුට අදාළ ජල බිල්පත නොගෙවා තිබූ අතර ඒ හේතුවෙන් ඉකුත් මාසයේදී ඔහුගේ ජල සැපයුම විසන්ධි කර ඇති බවයි දැනගන්නට ලැබුණේ.

අදාළ නිවෙස් හිමියාගෙන් මේ දක්වා ජාතික ජල සම්පාදන මණ්ඩලයට රුපියල් 14,000 ඉක්ම වූ මුදලක් අයවිය යුතු බවයි ජලසම්පාදන මණ්ඩලයේ කැස්බෑව ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේ.

එලෙස ජල සැපයුම විසන්ධි කර තිබූ අවස්ථාවේදී ඔහු විසින් අයථා මාර්ගයකින් නිවසට ජලය ලබාගෙන තිබෙන බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා. මෙම සිද්ධියත් සමඟ එම ස්ථානයට පැමිණි ඉංජිනේරු සහකාරවරයා ඇතුළු නිලධාරීන්ට එය නිරීක්ෂණය වීමෙන් අනතුරුව කාර්මික නිලධාරීන් ලවා එයද විසන්ධි කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.