― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඡන්ද පත්‍රිකා මුද්‍රණයට කෝටි 30ක් - රජයේ මුද්‍රණාලය

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට කෝටි 30ක් – රජයේ මුද්‍රණාලය

පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා කෝටියකට වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට නියමිත අතර 2018 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා රුපියල් කෝටි 20ක මුදලක් වැය වී ඇති බව මුද්‍රණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව මෙම වසරේදී මුද්‍රණ කටයුතු සඳහා රුපියල් කෝටි 30ක පමණ මුදලක් වැය වනු ඇති බවයි රජයේ මුද්‍රණාලය පවසන්නේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු මස 9 වනදා පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා සිදුකරනු ලබන දැන්වීම් දිස්ත්‍රික්ක කිහිපයකින් මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇති බව වාර්තා වේ.

ඒ අනුව දැනට ලැබී ඇති දැන්වීම් එළඹෙන දින කිහිපයේදී ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබේ.

කෙසේවෙතත් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මූලික කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ.