23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportධනුෂ්කගේ ක්‍රියාකලාපය ගැන පරීක්ෂණයක් අරඹන්නැයි නීතිපති උපදෙස්

ධනුෂ්කගේ ක්‍රියාකලාපය ගැන පරීක්ෂණයක් අරඹන්නැයි නීතිපති උපදෙස්

කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සොයා බලන ලෙස නීතිපති සංජය රාජරත්නම් ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

ඔහුට එරෙහිව වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවකට හෝ වෙනත් ක්‍රීඩාවකට සහභාගි වීම තහනම් කිරීමට ද නීතිපතිවරයා නිර්දේශ කර ඇත.

විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් සම්පාදනය කරන ලද වාර්තාවේ අන්තර්ගතය පරීක්ෂා කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා එහි නිර්දේශ ඇතුළත් ලිපියක් නිකුත් කර තිබේ.

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හැසිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.

ගුණතිලක සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු නීති පද්ධතිය කුමන ක්‍රියාමාර්ගයක් ගත්තද ශ්‍රී ලංකා නීතියට අනුව ඔහුට එරෙහිව පොලිසියට වෙනම ක්‍රියාමාර්ග ගත හැකි බව නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට පෙන්වා දී තිබේ.