23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportධනුෂ්කට ක්‍රිකට් තහනම් කිරීමට නීතිපති උපදෙස්

ධනුෂ්කට ක්‍රිකට් තහනම් කිරීමට නීතිපති උපදෙස්

පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටියදී කාන්තාවකට අතවර කළේ යැයි චෝදනාවට අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇප මත මුදාහැර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම දේවල්වලට සම්බන්ධ වීම තහනම් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇති බව වාර්තා වනවා.

එම උපදෙසත් අනුව ධනුෂ්කට ක්‍රීඩාවට සම්බන්ධ කිසිඳු කටයුත්තකට සම්බන්ධ විය නොහැකි ලෙස ක්‍රීඩා අමාත්‍යංශය තහනමක් පනවන බවත් ඔහු සම්බන්ධ නඩු කටයුත්ත අවසන් වන තෙක් එම තහනම ක්‍රියාත්මක වන බවත් ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කරනවා.

මේ අතර ධනුෂ්ක ගුණතිලකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද තාවකාලික තහනමක් පනවා තිබෙනවා.