26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportනොවැක් ජොකොවිච් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනාගනී

නොවැක් ජොකොවිච් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනාගනී

මෙම වසරේ පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලිය වූ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි අවසන් මහා තරගය මෙල්බර්න්හිදී පැවැත් වූ අතර සර්බියාවේ නොවැක් ජෝකොවිච් ත්‍රගාවලිය ජය ගැණීමට සමත් විය.

ඒ අනුව ඔහු ටෙනිස් ශූරතාව දිනූ 10 වැනි අවස්ථාව එය ලෙසයි සැලකෙන්නේ.

ගෙවුණු වසරේදී කොවිඩ් එන්නත ලබා නොගැනීම නිසා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම නිසා තරගාවලිය හිමිව ගිය සර්බියාවේ නොවැක් ජෝකොවිච් මෙවර අවසන සටනට එක්වෙද්දී ඔහුගේ ප්‍රතිමල්ලවයා බවට පත් වුණේ ග්‍රීසියේ ස්ටෙෆානෝස් සිසිපාස්ය.

ඒ අනුව මෙම තරගය ලකුණු 6ට 3ක් 7ට 6ක් සහ 7ට 6 ලෙස ජය ගැනීමට නොවැක් ජෝකොවිච් සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමඟින් නොවැක් ජෝකොවිච් හා ජගත් ටෙනිස් පිටියේ වැඩිම පිරිමි ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා දිනූ ක්‍රීඩකයින් අතර ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් සමගින් සමතැන් හිමි කරගෙන තිබේ.