31.1 C
Colombo
Wednesday, December 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබාලවයස්කාර දැරියක් ගැබිනියක් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක් ගැබිනියක් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

12 හැවිරිදි බාලවයස්කාර දැරියක් ගැබිනියක් කළ සැකකරුවෙකු රත්ගම පොලිසිය විසින් අද (30) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 51 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ දැරියට උදරයේ කැක්කුමක් ඇතිවී තිබීම හේතුවෙන් ඊට ප්‍රතිකාර ලබාගැනීම සදහා කරාපිටිය රෝහලට ගිය අවස්ථාවේ දී ඇය ගැබිනියක් බවට තහවුරු වී තිබෙනවා.

රෝහලේ දී එය හඳුනා ගන්නා අවස්ථාවේ දීත් ඇය ගැබ්ගෙන මාස තුනක් කාලයක් ගතව අවසන් බවටයි තොරතුරු වාර්තා වුණේ.

පසුගිය නොවැම්බර් මාසයේ දිනක සැකකරු දැරියගේ නිවසට පැමිණ ඇයව බියවද්දා නිවස තුළදීම මෙම අපරාධය සිදුකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

පසුව එය කිසිවෙකුටත් නොපවසන ලෙස සැකකරු විසින් දැරිය බියගන්වා ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (30) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.