Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවෙනවා

ආදායම සාධාරණ ලෙස බෙදීයන, දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ආසියානු රටවලින් ඉල්ලා සිටිනවා. ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික...
Homeweatherබෙංගාල බොක්ක කැලඹෙයි - හෙට ප්‍රදේශ රැසකට තද වැසි

බෙංගාල බොක්ක කැලඹෙයි – හෙට ප්‍රදේශ රැසකට තද වැසි

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය පෙබරවාරි 01 දින දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟා වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වය වැඩි වීමේ ඉහළ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඒ අනුව ජනවාරි 31 සහ පෙබරවාරි 01 දෙදින තුළ දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය වීමේ හැකියාව පවතිනවා.

ඊට අමතරව හෙට (31) දිනයේ දී උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකියි.

වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර, නැගෙනහිර, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මුලතිව්, යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50-60 පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.