― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsමාලදිවයින් හිටපු ජනපති හා රනිල් අතර හමුවක්

මාලදිවයින් හිටපු ජනපති හා රනිල් අතර හමුවක්

පෞද්ගලික සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මාලදිවයිනේ හිටපු ජනාධිපති මවුමුන් අබ්දුල් ගයුම් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබේ.

මාලදිවයින් හිටපු ජනපතිවරයා පසුගිය සිකුරාදා ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අතර එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡාවට ලක් කර ඇත. දිගුකාලීන සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ මාර්ග පිළිබඳව ද අවධානය යොමු කර තිබේ.

මාලදිවයිනේ හිටපු ආර්ථික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෆාරිස් මවුමූන් ද මෙම සංචාරයට එක් වූ බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ. තමාගේ ජනාධිපති ධුර කාලය තුළ මාලදිවයින සමඟ ශ්‍රී ලංකා රජය පවත්වාගෙන ගිය ශක්තිමත් සහ සමීප බැඳීම පිළිබඳවද ගයුම් මහතා එහිදී ශ්‍රී ලංකා රජයට ස්තුතිය පුද කළේය.

2021 වසරේ ආරම්භ වූ ආර්ථික අර්බුදයේදී මාලදිවයින් රජය අඛණ්ඩව ලබාදුන් සහයෝගය පිළිබඳව වික්‍රමසිංහ මහතා එම රැස්වීමේදී ස්තුතිය පුද කළේය.

මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයාට 2008 දී ‘ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ’ පිරිනමන ලදි. එය පුරවැසියන් නොවන අයට ලබාදෙන ශ්‍රී ලංකාවේ ඉහළම ගෞරවය වන අතර එය විශේෂයෙන් ශ්‍රී ලංකාව සමඟ මිත්‍ර සබඳතා පවත්වන රාජ්‍ය නායකයින් සහ රජයේ ප්‍රධානීන් සඳහා වෙන් කර ඇත.