28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණ ගැසට් පත්‍රයට සාමාජිකයින්ගේ අත්සන අත්‍යවශ්‍ය නැහැ

මැතිවරණ ගැසට් පත්‍රයට සාමාජිකයින්ගේ අත්සන අත්‍යවශ්‍ය නැහැ

පළාත් පාලන මැතිවරණ කටයුතු ආරම්භ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සියලුම සාමාජිකයින්ගේ අත්සනින් යුත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම අනවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඊට අවශ්‍ය ගැසට් නිවේදනය දිස්ත්‍රික් නිලධාරීන් විසින් ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුන්චිහේවා පවසයි.

ඊට අදාළ ගැසට් පත්‍රය අද (30) හෝ හෙට (31) මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම ගැසට් පත්‍රය මෙතෙක් රජයේ මුද්‍රණාලය වෙත යවා නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (29) දැනුම්දීම විශේෂත්වයකි.