― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවසර 03කදී වෘත්තිකයන් හයදාහක් රට හැර ගිහින්

වසර 03කදී වෘත්තිකයන් හයදාහක් රට හැර ගිහින්

මෙරට පවතින ආර්ථික ප්‍රශ්න හේතුවෙන් පසුගිය වසර තුනක පමණ කාලයේදී විවිධ වෘත්තිකයන් හයදහසකට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසයි.

හෙතෙම සඳහන් කළේ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිවේදීන්, ගණකාධිකාරිවරුන්, සරසවි ආචාර්යවරුන්(ආචාර්ය, මහාචාර්ය) ඇතුළු විවිධ වෘත්තිකයන් හයදහසකට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති බව නවතම වාර්තාවලින් අනාවරණය වී ඇති බවයි.

එමෙන්ම සේවක වැටුප් මත අධික බදු අය කිරීම හේතුවෙන් ඉදිරි කාලයේදී වෘත්තිකයන් තවත් විශාල වශයෙන් රට හැර යෑමේ අවදානමක් පවතින බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ.

මේ අතර පසුගිය වසරේ මුල් මාස නවය තුළ ලක්ෂ 8 කට ආසන්න පිරිසක් විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ලක්ෂ 6ක පමණ පිරිසක් රට හැර ගොස් ඇති බවත් පසුගිය 2021 වර්ෂයේද ලක්ෂ 4 කට වැඩි පිරිසක් විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන තිබූ බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකිකයන් රට රැකියා සඳහා යෑම සියයට 136 කින් ඉහළ ගොස් ඇති බව පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ පසුගිය වසරේදී ලක්ෂ තුනකට වැඩි පිරිසක් අධ්‍යාපනය සඳහා විදේශ විශ්වවිද්‍යාලයන්ට ගොස් ඇති බවත් මේ හේතුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් රටට අහිමිවූ බවත්ය.