31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිදුලි බිල නැග්ගොත් පාන් මිලත් ඉහළට

විදුලි බිල නැග්ගොත් පාන් මිලත් ඉහළට

විදුලි බිල වැඩි වුවහොත් අනිවාර්යෙන්ම පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පැවසීය.

මේ වනවිට බේකරි කර්මාන්තයට අවශ්‍ය පාන් පිටි, බිත්තර සහ අනෙකුත් අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම, ඉන්ධන සහ විදුලි බිල වැඩි වීම හමුවේ බේකරි කර්මාන්තය විශාල බිඳ වැටීමකට ලක් වී ඇති බවයි ඔහු පවසන්නේ.

මේ වනවිට බේකරිවල විදුලි බිල තිබුණු මිලට වඩා දෙගුණ වී ඇතැයි බවත් නැවත විදුලි බිල වැඩි කළහොත් බේකරි කර්මාන්තකරුවන්ට එය කිසිසේත්ම දරාගත නොහැකි වන බවයි ඔහු අවධාරණය කරන්නේ.

මෙම තත්ත්වය මත විදුලි බිලද නැවත වැඩි වුවහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බවත් එසේ වුවහොත් බේකරි කර්මාන්තය තවත් බිඳ වැටීමට හේතු විය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.