25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසරසවි සිසුවිය ඝාතනය කළ සරසවි සිසුවා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

සරසවි සිසුවිය ඝාතනය කළ සරසවි සිසුවා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියකගේ ගෙල කපා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකාර විශ්වවිද්‍යාල සිසුවා ලබන 13 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කර තිබෙනවා.

කෙසේ වෙතත් සැකකාර සිසුවා අද (30) දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමක් සිදු වුයේ නැහැ.

එයට කරුණු දක්වමින් බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නේ සැකකරු මේ වන විට බන්ධනාගාර රෝහලේ මානසික ප්‍රතිකාර අංශයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

අදාළ සරසවි සිසුවියගේ මරණය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ දී පැවති වුණා.

එහිදී ඇයගේ සිසුවියගේ පියා සාක්ෂි ලබාදීම සිදුකරණු ලැබුවා.

පසුගිය 17 වනදා කොළඹ තුරඟ තරඟ පිටියේ දී තියුණු ආයුධයකින් ගෙල කපා මෙම 24 හැවිරිදි සිසුවිය ඝාතනය කර තිබිය දී සොයා ගත්තා.