― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsහිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුව පෙබරවාරි 28 වැනිදා

හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුව පෙබරවාරි 28 වැනිදා

2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයකු පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග ගැනීමේ දින නියම කිරීම සඳහා ලබන පෙබරවාරි මස 28 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.

ඒ මෙම නඩුව අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දියි.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ නීතිඥවරයා කළ ඉල්ලීමකට අනුව නඩුව පෙබරවාරි මස 28 වනදා කැඳවීමට නියම කළා. එදින නඩුව විභාග කරන දිනය නියම කරන බවත් විනිසුරුවරයා සඳන් කර සිටියා.

2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් ඇයුතු ලෙස සිරකර තබා පහරදීමේ චෝදනා සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව පවරා තිබෙනවා.

මෙම චෝදනාව එල්ල වි සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් හත්දෙනෙකු මුලින්ම අධිකරණය හමුවේ වරද පිළිගත් අතර ඔවුන්ට අත්හිට වූ සිර දඬුවම් සහ දඩ මුදල් නියම කෙරුණා.