25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News50කට අධික මගීන් පිරිසකගේ දිවි බේරාගත් ලංගම රියදුරු

50කට අධික මගීන් පිරිසකගේ දිවි බේරාගත් ලංගම රියදුරු

බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බසයක තිරිංග ක්‍රියාවිරහිත වී ප්‍රපාතයට ඇදී යද්දී බස් රථය පස් කන්දකට අල්ලා නතර කරගැනීමට එහි රියැදුර සමනත්වීම නිසා මගීහු පනහකට අධික මගින් පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකිවූ බව පොලීසිය පවසනවා.

මෙම බස් රථය හපුතලේ බෙරගල දැඩි බෑවුම් සහිත මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී එක්වරම තිරිංග ක්‍රියාවිරහිත වී ඇති බවත් බස් රථය වේගයෙන් පහළට ඇදී යද්දී දකුණු පස කාණුවක් හරහා පස් කණ්ඩියකට අල්ලා බසය නතර කර ගත් බවත් බස් රථයේ රියදුරුගේ දස්කමින් සිය ජීවිත බේරා ගැනීමට හැකිවූ බවත් එම බස් රථයේ සිටි මගීහු පැවසූහ.