30.6 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsATM කාඩ් කොල්ලයකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

ATM කාඩ් කොල්ලයකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

ඊයේ (29) කුරුණෑගල නගරයේ පිහිටි බැංකුවල ATM යන්ත්‍ර අසළ රැඳී සිටිමින් මුදල් තැන්පත් කිරීමට හා මුදල් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් රවටා ඔවුන්ගේ රහස් අංක ලබාගෙන ATM කාඩ්පත් මාරුකර මුදල් ලබාගන්නා අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ATM කාඩ්පත් 06ක් සොයාගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 22 ක් වන කොටිකාපල පදිංචි අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (30) කුරුණෑගල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.