30 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙමස්සිනාලා අතර ඇතිවූ බහින්බස් වීම දුරදිග යාමෙන් සිදු වූ අපරාධය

දෙමස්සිනාලා අතර ඇතිවූ බහින්බස් වීම දුරදිග යාමෙන් සිදු වූ අපරාධය

ගල්කිස්ස සේරම් පාරේ දෙමහල් නිවසක් තුළ දෙමස්සිනාලා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එක් අයකු ඝාතනයට ලක්ව ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ සඳහන් කරයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නිර්මාල් තිමිර බේරුවලගේ 62 එක් දරු පියෙකි.

ඉන් අනතුරුව විසිපස් හැවිරිදි කැලණි මුළුල්ලේ පදිංචි සැකකරු පලාගොස් ඇතැයි පොලිසිය කියයි.පලාගිය සැකකරු පෙරේදා 30 මස්සිනා හමුවීම සඳහා නිවසට පැමිණ ඇති අතර දෙදෙනා එක්ව මත්පැන් පානය කර ඇතැයි මෙහෙකරු ලබාදුන් ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

කිසියම් පුද්ගලයකු නිවස ඉදිරිපිට ගේට්ටුව හයියෙන් වැසීම සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමේදී ඝාතනයට ලක්වූ පුද්ගලයා ලේ විලක් මැද වැටී සිටින අයුරු දැක 119හදිසි ඇමතුම් ඒකකය ට මෙම සිද්ධිය දැනුම් දී ඇතැයි පොලිසිය කියයි.

පලාගිය සැකකරු ගේ සහෝදරිය වන ( ඝාතනයට ලක්වු පුද්ගලයාගේ බිරිඳ) මීට මාස තුනකට ඉහතදි හදිසියේ මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

බහින්බස් වීමට හේතුව මෙතෙක් අනාවරණ වී ඇතැයි පොලිසිය කියයි.

ඝාතනය සඳහා යොදා ගත්තේ තියුණු ආයුධයක්ද ?වෙනයම් දෙයක්ද? යන්න මෙතෙක් අනාවරණය වී නැතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය පොලිස් අධිකාරී සමන් ජයසේකර මහත්වරුන් ගේ මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා,කොස්තාපල් 97331 රත්නායක මහත්තුරු පරීක්ෂණ පවත්වයි.