30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමැතිවරණ කල් දැමීමට උපක්‍රම භාවිතා කරන්න ලෙස ජනපති උපදෙස් දීලා නෑ -...

මැතිවරණ කල් දැමීමට උපක්‍රම භාවිතා කරන්න ලෙස ජනපති උපදෙස් දීලා නෑ – බන්දුල ගුණවර්ධන

මැතිවරණය ගැන හෝ මැතිවරණ කල් දැමීමක් ගැන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ලක්නොවූ බවත් මැතිවරණය කල් දමන උපාය මාර්ග ගන්නා ලෙස ජනපතිවරයා ජනපති මාධ්‍ය අංශයට උදෙස් දී නොමැති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීය.

අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

ජනපතිවරයා කිසිම විටකත් ජනපති මාධ්‍ය අංශයට මැතිවරණ කල් දැමීමට උපාය උපක්‍රම භාවිත කරන්න කියලා කිසිම අවස්ථාවක කියලා නැති බවත් එතුමා එතුමාගේ පක්ෂයටත්, අනෙක් පක්ෂවලටත් මැතිවරණ පවත්වනවානම් ඒකට මුහුණ දෙන්න උපදෙස් දී තිබෙන බවත් ඔහු පැවසුවා.