― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeGossip'අපේ අම්මා' මෙරට වැඩිම ආදායමක් ලබන යූටියුබ් නාලිකාව වෙයි

‘අපේ අම්මා’ මෙරට වැඩිම ආදායමක් ලබන යූටියුබ් නාලිකාව වෙයි

ජනප්‍රිය ඉවුම් පිහුම් යූ ටියුබ් නාලිකාවක් වන Apé Amma ශ්‍රී ලංකාවේ වැඩිම ආදායමක් උපයන නාලිකාව බව ඇමරිකානු සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

CashnetUSA.com වාර්තා කරන්නේ නාලිකාව ආරම්භයේ සිට ඩොලර් 962,386 ක ආදායමක් උපයා ඇති බවයි.

මිලියන 2.7 කට අධික ග්‍රාහකයින් සමඟ, Apé Amma ඉවුම් පිහුම් වීඩියෝ සාමාන්‍යයෙන් ලක්ෂ ගණනක් නැරඹුම් ඇත.

ජාත්‍යන්තර වශයෙන් සිදු කරන ලද නවතම සමීක්ෂණයකට අනුව, Cocomelon YouTube නාලිකාව ලොව වැඩිම පිරිසක් නරඹන සහ වැඩිම ආදායමක් උපයන ‍YouTube නාලිකාව ලෙස ශ්‍රේණිගත කර ඇත.

2006 දී එය නිර්මාණය කළ දා සිට එහි වීඩියෝවලින් ඩොලර් මිලියන 282.8ක් උපයාගත් ළමා නාලිකාව Cocomelon යනු මෙතෙක් වැඩිම ආදායමක් උපයාගත් ‍YouTube නාලිකාවයි.