27.8 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආර්ථික මධ්‍යස්ථාන වල ඇති වෙළෙඳසැල් ගැන තීරණයක්

ආර්ථික මධ්‍යස්ථාන වල ඇති වෙළෙඳසැල් ගැන තීරණයක්

ආර්ථික මධ්‍යස්ථාන වල අතුරු බදු දී ඇති සියලු වෙළෙඳ සැල්  දැනට වෙළෙඳ කටයුතුවල නිරත වන අතුරු බදුකරුවන්ටම පැවරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ සහභාගීත්වයෙන් දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු සොයා බැලීම පිළිබඳ සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹ තිබෙනවා.

ආර්ථික මධ්‍යස්ථානවල තිබෙන  වෙළෙඳසැල් විශාල ප්‍රමාණයක් මුල් අයිතිකරුවන් විසින් විවිධ පුද්ගලයින්ට අතුරු බදු දී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන බාරව කටයුතු කරන නිලධාරීන් හා වෙළෙද සංගම් කෘෂිකර්ම අමාත්‍යාංශයට කළ දැනුම් දීම අනුව මෙම තීරණය ගෙන තිබෙි.

ආර්ථික මධ්‍යස්ථාන පිළිබඳ ප්‍රතිපත්තියෙහි අතුරු බදු දීම සඳහා වෙනත් පාර්ශ්වයකට පවරා දීමක්  සිදු කළනොහැකි බැවින් මෙම සතිය ඇතුළත  කෘෂිකර්ම අමාත්‍යාංශයේ නීති අංශය සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.