― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනිල ඇඳුම් අවශ්‍යතාවයෙන් 70%ක් චීනයෙන් සපුරයි

නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් 70%ක් චීනයෙන් සපුරයි

පාසල් නිල ඇඳුම් නියමිත කාලයේදී ලබාදෙන බවත් එම නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් 70% ක් පමණ ප්‍රමාණයක් චීන ජනරජයෙන් ප්‍රදානයක් ලෙස මෙරටට ලැබෙන අතර එහි පළමු තොගය මේ වන විටත් ලංකාවට ලැබී ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පැවසීය.

වැල්ලවත්ත ලින්ඩිසේ බාලිකා විද්‍යාලය හා අනුබද්ධිත වෛශාඛ බාලිකා විද්‍යාලයේ පවත්නා පන්ති කාමර ඉඩ පහසුකම් ගැටලුවට පිළියමක් ඉදිකරන සිව් මහල් ගොඩනැගිල්ල ඉදිකිරීමට මුල් ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

එහිදී රැස්ව සිටි පිරිස අමතමින් ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළේ පාසල්වල භෞතික සම්පත් වර්ධනයත් සමගම අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයද සුරැකිය යුතු බවයි.

පාසල් දරුවන්ගේ සතිමත්භාවය වර්ධනය කරන දෛනික ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාවට නැංවීම මගින් සිසුන්ගේ විනයගරුක භාවය හා මානසික ස්වස්ථතාව වර්ධනය කර අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය ඉහළ නැංවීමට තමන් උත්සුක වූ බවත් එම සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන මේ වන විට පාසල්වල සාර්ථක ව ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.