― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනිවසක වළ දමා තිබියදී උණ්ඩ තොගයක් හමුවෙයි

නිවසක වළ දමා තිබියදී උණ්ඩ තොගයක් හමුවෙයි

ගාල්ල – අක්මීමන – අමල්ගම ප්‍රදේශයේ නිවසක වළ දමා තිබියදී ටී 56 උණ්ඩ 35ක් සොයාගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ නිවැසියන් විසින් සිය ඉඩමේ මළ අපද්‍රව්‍ය බැහැර කරන වලක් පිළිසකර කරන සකස් කරන අවස්ථාවේ දී මෙම උණ්ඩ තොගය සොයාගෙන ඇති බවයි.

මෙම උණ්ඩ 35ත් සමඟ තවත් ගිනිඅවි සඳහා භාවිත කරන උණ්ඩ තොගයක් සොයාගෙන ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

එහිදී ටී 56 උණ්ඩ 35ට අමතරව එම්. 16 වර්ගයේ ගිනි අවි සඳහා භාවිතා කරන උණ්ඩ 8ක්, මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවි සඳහා භාවිත කරන උණ්ඩ 3ක්, යකඩ අත්විලංගු ඇතුළු තවත් දිරාගිය අවියක බවට සැකකරනු ලබන කොටස් කිහිපයක් සොයාගෙන තිබේ.