27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාස්කු සිද්ධියට මෛත්‍රී ජනතාවගෙන් සමාව ඉල්ලයි

පාස්කු සිද්ධියට මෛත්‍රී ජනතාවගෙන් සමාව ඉල්ලයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත කතෝලික ජනතාවගෙන් තමන් සමාව අයැද සිටින බවත් තමන්ට පාස්කු නඩුවෙන් නියම වූ දඩ මුදල ගෙවීම සඳහා කෙසේ හෝ කටයුතු කරමින් සිටින බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අද (31) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

මම අවුරුදු 15 දී 16 විතර බයිබලය කියවපු කෙනෙක් විදියට මගේ පාලන කාලය තුළ මෙවැනි සිදුවීමක් වෙනත් අය කරලා ඒ වැරැද්ද නිසා මට අද වන්දියක් ගෙවන්න සිදුවෙලා තිබීම පිළිබඳවත් ඒ වගේම මියගිය ජනතාව සහ ඒ වගේම අතපය කැඩිලා අද එකතැන් වෙලා සිටින ජනතාව වෙනුවෙනුත් මම දෙවියන් වහන්සේ වෙනුවෙන් විශේෂයෙන් ම සමාව ඉල්ලා සිටිනවා. මගේ පාලන කාලයේ මගේ රටේ එවැනි සිද්ධියක් වීම පිළිබඳව. ඒ වගේම කතෝලික ජනතාවගෙන් මම සමාව ඉල්ලා සිටිනවා මම කිසි දෙයක් දන්නේ නැතුව මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවෙලා මේ ජීවිත විනාශවීම පිළිබඳව. මේ නඩුවේ පැහැදිළිවම කියලා තියෙන්නේ මම වැරද්දක් කළා කියලා නෙමෙයි. ජනාධිපතිවරයා විසින් පත්කරන ලද නිලධාරීන් යම් බරපතළ වැරැද්දක් කළහොත් ඒ වැරැද්දට ජනාධිපතිවරයාද වගකිවයුතු වන්නේය. අන්න ඒක තමයි මේ නඩු තීන්දුවේ ඡේදය මම සම්බන්ධයෙන් තියෙන. ඒ ඡේදය අනුව තමයි මට කෝටි 10 වන්දි ගෙවන්න තීන්දු කරලා තිබෙන්නේ. මම ඒක ගෞරවයෙන් පිළිගන්නවා. මට පුළුවන් විදියට මම ඒක හිතවතුන්ගෙන් එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා.