― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපොලිස් ස්ථානාධිපතිව යට කළ බීමත් රියදුරු අත්අඩංගුවට

පොලිස් ස්ථානාධිපතිව යට කළ බීමත් රියදුරු අත්අඩංගුවට

බීමත්ව අපරික්ෂාකාරී ලෙස වෑන් රථයක් ධාවනය කර දිවුලපිටිය නගරයේ රථ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ යෙදී සිටි දිවුලපිටිය පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාව ඊයේ (30) රාත්‍රී හිතාමතා හප්පා මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා මත වෑන්රථ රියදුරාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර ලබන 14 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබදු මහත්මිය අද (31) නියම කලාය .

මෙසේ රිමාන්ඩ් භාරයට ගෙන ඇති වෑන් රථ රියදුරු දිවුලපිටිය, ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දිවුලපිටිය පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයා මීගමුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව අධිකරණයේ දී සඳහන් වුනා.

ස්ථානාධිපතිවරයා තවත් නිලධාරීන් පිරිසක් සමඟ දිවුලපිටිය නගරයේ පොළ හන්දියේ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරිය ඉටු කරමින් සිටින අවස්ථාවේ අපරික්ෂාකාරි ලෙස ධාවනය වෙමින් තිබූ වෑන් රථය නවතන ලෙසට සංඥා කර ඇති බව පොලිසිය පැවසුවා.

එයට කෝපයට පත් රියදුරු හිතාමතාම නිලධාරියාව වෑන් රථයෙන් හප්පා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි අධිකරණයේ දී අනාවරණය වුනා.

අනතුර සිදු කිරීමෙන් අනතුරුව වෑන් රථය පලාගොස් ඇති බවත් ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසුවා.

වෑන් රථයේ ගැටුණු නිලධාරියා සිටි ස්ථානයේ සිට මීටර් 25 ක පමණ දුරක් විසිවී ගොස් තිබූ බව ද පොලිසිය පැවසු අතර සැකකාර රියදුරුව මීගමුව රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බීමත්ව සිටින බවට අනාවරණය වී ඇති බව පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළා.