28.9 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරැල්ලේ වකුගඩු ජාවාරමට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

බොරැල්ලේ වකුගඩු ජාවාරමට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලික රෝහලක සිදුකළ වකුගඩු ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙක් ඊයේ (30) වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 53 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, ඔහු අද (31) දිනයේ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දිළිඳු පවුල්වල පුද්ගලයින් රවටා ඔවුන්ට මුදල් ලබාදෙන බව පවසමින් බොරැල්ල ප්‍රදේශයේ පිහිටි අදාළ පෞද්ගලික රෝහල තුළ මෙම මිනිස් අවයව ජාවාරම සිදුකරගෙන ගොස් තිබූ බවටයි අනාවරණය වී ඇත්තේ.

එහිදී වකුගඩු ලබාගැනීමේ සිද්ධියකට අදාළව පිරිමි පුද්ගලයින් සිව්දෙනෙක් සහ කාන්තාවක් විසින් බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා. ඒ අනුව සිදුකළ විමර්ශනවලදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මීට පෙරට අවස්ථා කිහිපයක දී මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.