27.7 C
Colombo
Friday, May 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමහා පරිමාණයෙන් වටේටම කුඩු බෙදූ නින්ජා අත්අඩංගුවට

මහා පරිමාණයෙන් වටේටම කුඩු බෙදූ නින්ජා අත්අඩංගුවට

මට්ටක්කුලිය සහ ඒ අවට ප්‍රදේශවල මත්කුඩු ජාවාරමේ නිරත ජාවාරම්කාරියක වූ ‘නින්ජා’ නැමැත්තිය හෙරොයින් සහ මුදල් සමඟ අද (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී රුපියල් ලක්ෂ 08ට ආසන්න හෙරොයින් සහ ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් ලක්ෂ 06ට ආසන්න මුදලක් ද සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාරිය මට්ටක්කුලිය, හේනමුල්ල කඳවුර (පැල්පත් නිවාස) ආශ්‍රිතව මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරතව ඇති අතර ඇය 42 හැවිරිදි වියේ පසුවන්නියක්.

අත්අඩංගුවට ගත් සැකකාරිය සම්බන්ධයෙන් අධිකරණයෙන් රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.