ජනතාව අතර රාජපක්ෂලාට විශේෂ ස්ථානයක් හිමිවන බවත් පොහොට්ටුව අනිවාර්යෙන්ම මැතිවරණය ජයග්‍රහණය කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් පැවසීය.
හෙතෙම මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සාගර කාරියවසම් කියා සිටියේ පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයට බලපෑම් කරන බවට විරුද්ධ පක්ෂ අසත්‍ය චෝදනා එල්ල කරන බවයි.
පක්ෂයක් ලෙස මැතිවරණය කල් දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවත් දිනනවද පැරදෙනවද යන්න තීරණය කරන්නේ ජනතාව බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.