27.2 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසමාජ ආරක්ෂණ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

සමාජ ආරක්ෂණ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

2022 අංක 25 දරණ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධන ඇතුළු කිරීමටත් ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමටත් නීති කෙටුම්පත් සම්පාදන වෙත උපදෙස් දීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත යටතේ වාර්ෂික බදු අය කළ හැකි පිරිවැටුම රුපියල් මිලියන 120ක් ඉක්මවන බදු අය කළ හැකි පුද්ගලයින් මත 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් පනවනු ලැබීය.

2023 වසරේ අයවැය යෝජනා මගින් විශේෂ විධිවිධාන පනත යටතේ නිෂ්පාදන බද්දට අයත් වන මෝටර් රථ සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ භාවිතය සඳහා ගැනෙන උපකරණ සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කර තිබේ.