26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑක්දින පාස්පෝට් හදන අය මේ අයගෙන් ප්‍රවේසම් වන්න

එක්දින පාස්පෝට් හදන අය මේ අයගෙන් ප්‍රවේසම් වන්න

තලංගම පොලීසියට ලද පැමිණිලි 3ක් මත විමර්ශන ආරම්භ කර තිබෙන අතර ඊයේ (31) තලංගම පොලිස් ස්ථානය මගින් විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවන් 02ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවකු සන්තකයේ තිබී පුද්ගලයන් දෙදෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් ද සොයා ගෙන තිබෙනවා.

එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා ජාතික හැඳුනුම්පත් හා ලිපිද්‍රව්‍ය ලබාගෙන මුදල් වංචාව සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

එක් පැමිණිල්ලකට අදාළ සැකකරුවෙකු බොරලැස්ගමුව පොලිස් ස්ථානය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සන්තකයේ තිබී ජාතික හැඳුනුම්පතක්, රුපියල් 15,000 ක් සහ විදේශ ගමන් බලපත්‍ර සකස් කරන ලද ව්‍යාජ ටෝකන් පත් 9ක් සොයා ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 47 හා 65 ක් වන මාලඹේ සහ කොළඹ 9 ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් අද (01) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.