― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකාන්තාවකට ලිංගික අතවර කළ අයෙක් අත්අඩංගුවට

කාන්තාවකට ලිංගික අතවර කළ අයෙක් අත්අඩංගුවට

මහළු මව බලා ගැනිමට යයි පුවත්පත් දැන්වීමක් පළකොට කාන්තාවක් ගෙන්වා ගෙන බරපතල ලිංගික අපයෝජන සිදුකරන ලද පුද්ගලයෙකු ලබන 08 වනදා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය ඊයේ නියෝග කර තිබෙනවා.

මෙසේ රිමාන්ඩ් කර ඇත්තේ ගාල්ලේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු මව බලා ගැනිමට ගැහැණු කෙනෙකු අවශ්‍ය බවට සැකකරු විසින් පුවත්පතක පලකර තිබු දැන්විමක් අනුව මාතර ප්‍රදේශයේ 59 හැවිරිදි කාන්තාවක් ඒ සඳහා කැමැත්ත පළ කර සැකකරු විසින් කැඳවාගෙන පැමිණ තිබෙනවා.

එසේ කැඳවාගෙන පැමිණි ඇය ඔහුගේ කාමරයේ රඳවාගෙන විවිධ ලිංගික අපයෝජනයන් සිදුකර ඇති බවට වාර්තා වෙනවා. පසුව ඇය ඔහුගෙන් බේරි නිවසින් එලියට දිව යාමට උත්සාහ කළත් දොරවල් සියල්ල සැකකරු විසින් වසා දැමීම නිසා ඇයට පිටතට යාමට නොහැකිවි තිබෙනවා.

පසුව කෙසේ හෝ එම කාන්තාව සැකකරුගේ මවගේ කාමරයට ගොස් මේ බව පැවසිමෙන් පසු මවගේ උපදෙස් පරිදි ඇය පොලිස් හදිසි ඇමතුම් අංශයට දැන්විමෙන් පසු ගාල්ල පොලිසියේ නිලධාරි කණ්ඩායමක් පෙරේදා අලුයම එම නිවසට ගොස් කාන්තාව බේරාගෙන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.