― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsචීනය ලබාදී ඇති ණය සහතිකය ප්‍රමාණවත් නොවන බවට ප්‍රකාශයක්

චීනය ලබාදී ඇති ණය සහතිකය ප්‍රමාණවත් නොවන බවට ප්‍රකාශයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම මෙරටට ලබාගැනීම සඳහා චීනය ලබාදී ඇති ණය සහතිකය ප්‍රමාණවත් නොවන බව අමෙරිකානු
රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය පවසයි.

ඇය පෙන්වා දෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සඳහා IMF ප්‍රමිතීන්ට ගැලපෙන විශ්වාසනීය සහ නිශ්චිත සහතිකයක් ලැබිය යුතු බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ලැබෙනු දැකීම අමෙරිකාවේ අපේක්ෂාව බවත් සහකාර රාජ්‍ය ලේකම්වරියවරිය එහිදී සඳහන් කළාය.