26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීන තානාපතිගේ ව්‍යාජ ලිපියක් ගැන CID පරීක්ෂණ

චීන තානාපතිගේ ව්‍යාජ ලිපියක් ගැන CID පරීක්ෂණ

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යහුගත කිරීම සම්බන්ධව චීන රජයේ ස්ථාවරය විකෘති කරමින් චීන තානාපති කාර්යාලයේ ලිපි ශීර්ෂය යොදාගෙන නිකුත් කළ ව්‍යාජ ලිපිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙරට චීන තානාපතිවරයා කළ පැමිණිල්ලකට අනුව අදාළ පරීක්ෂණය ආරම්භ කර ඇත.

චීන තානාපතිවරයා විසින් තමාට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව
මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පැවසීය.

මෙම ව්‍යාජ ලිපිය සකස් කළේ කවුරුන්ද? මෙම ලිපිය සංසරණය කිරීමට මුල් වූ පාර්ශ්ව කවුරුන්ද යන්න සොයා බලන ලෙස චීන තානාපතිවරයා ඉල්ලා ඇත.

මෙරට චීන තානාපතිවරයා විසින් මෙම ලිපිය ජනාධිපතිවරයා හා මුදල් අමාත්‍යවරයා වෙත යොමු කර තිබූ ලිපියක් ලෙස දක්වා තිබුණි.

කෙසේවුවද, සිය නිල ලිපි ශීර්ෂය යටතේ සමාජ ජාල වල මේ ලිපිය පැතිරයාමත් සමඟ අදාළ ලිපිය ව්‍යාජ එකක් බව කියමින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් පනිවුඩයක්ද නිකුත් කර තිබිණි.

අදාළ ලිපිය ව්‍යාජ එකක් බව කියමින් චීන තානාපති කාර්යාලය පල කර තිබූ ට්විටර් පනිවුඩය පහත දැක්වේ.