28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනවාරි මාසයේ සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂය ඉක්මවයි

ජනවාරි මාසයේ සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂය ඉක්මවයි

ගතවූ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම් 100,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පවසනවා.

මෙම වසරේ ජනවාරි 1 වනදා සිට 31 දක්වා කාලය තුළ විදේශීය සංචාරකයින් 102,545 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි අධිකාරිය ප්‍රකාශ කළේ.

එය 2022 ජනවාරි මාසයේ වාර්තා වූ සංචාරක පැමිණීම් 82,327 හා සැසඳීමේ දී සංචාරකයින් 20,218ක වැඩි වීමක්.

වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ රුසියාවෙන්. එම සංඛ්‍යාව 25,254 ක්.

ඊට අමතරව ඉන්දියාවෙන් සංචාරකයින් 13,759ක් සහ එක්සත් රාජධානියෙන් සංචාරකයින් 8,483ක් පැමිණ තිබෙනවා.

අනෙක් පිරිස පැමිණ ඇත්තේ ජර්මනිය, ප්‍රංශය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය, මාලදිවයින සහ ඊශ්‍රායලය යන රටවලින්.