28.4 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපානයේ රැකියාවක් සොයන තරුණයන්ට සුබ ආරංචියක්

ජපානයේ රැකියාවක් සොයන තරුණයන්ට සුබ ආරංචියක්

ජපානයේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයන්ට යාමට අවස්ථාව ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේ එම රැකියා සඳහා වන අයදුම්පත් එහි නිල වෙබ් අඩවිය වන www.slbfe.lk හරහා ලබාගත හැකි බවයි.

අදාළ ලිපි ලේඛන සහ සහතික සහිත පුරවන ලද අයදුම්පත් හෙට (02) පස්වරු 04.30 හෝ ඊට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ලැබීමට සැලැස්විය යුතු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

මීට පෙර ජපානය සඳහා වීසා අයදුම් කර ප්‍රතික්ෂේප වී ඇති අයදුම්කරුවන් මේ සඳහා අයදුම් කිරීමෙන් වළකින ලෙසටයි කාර්යාංශය දැනුම් දෙන්නේ.

පුරවන ලද අයදුම්පත් කාර්යාංශයේ නිල විද්‍යුත් ලිපිනය වන titp@slbfe.lk හරහා භාරදිය යුතු බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමසීම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල ක්ෂණික ඇමතුම් අංකය වන 0112 789367 ඇමතීමෙන් ලබාගත හැකි බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා.

Japan Jobs OK scaled