27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsතම මවට පහරදුන් පුතා අත්අඩංගුවට

තම මවට පහරදුන් පුතා අත්අඩංගුවට

විදුලි බිල ඉහළ නිසා තමාගේ ගෙදරින් රෙදි මදින්න එපා යැයි කියු 66 හැවිරිදි තිදරු මවකට පහර දුන් 37 හැවිරිදා පුතකු අගලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අගලවත්ත , ඕමත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලික බස් රථ රියදුරකු වන සැකකරුගේ නිවසේ විදුලි බිල ගෙවා ගත නොහැකිව විදුලි බල මණ්ඩලය මගින් විදුලිය විසන්ධි කර දමා ඇත. ඒ හේතුවෙන් තම රෙදි මැද ගැනිම සඳහා යා බදව පිහිටි තමන්ගේ මවගේ නිවසට ගොස් ඇත.

මේ දිනවල විදුලි බිල විශාල ලෙස ඉහළ යන නිසා තම නිවසෙන් රෙදි මැදිම නොකරන්නැයිද, ජීවන වියදම විශාල ලෙස ඉහළ නිසා ජීවත් වෙන්නටවත් නොහැකි තත්වයක් උදාවී ඇතැයි වයෝවෘද්ධ මව තම පුතුයාට කියා ඇත. එහිදි මව සමග බහින් බස්වි මවගේ කෙස්වැටියෙන් අල්ලා පහරදුන් බව මව පොලිසියට පැමිණිලි කර ඇත.

පහරකෑමට ලක්වු කාන්තාව රෝහල් ගතකර ප්‍රතිකාර ලබා ඇති අතර පහරදුන් බව කියන සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගත්බව අගලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවා.