31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතැපැල් දෙපාර්තමේන්තුව ඕනෑම මැතිවරණයකට සූදානමින්

තැපැල් දෙපාර්තමේන්තුව ඕනෑම මැතිවරණයකට සූදානමින්

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව සූදානම් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන්ද දෙපාර්තමේන්තුවේ නිල රාජකාරී මේවන විට ආරම්භ වී ඇති බවයි.

ඒ අනුව මේවන විට ලැබී ඇති ප්‍රමුඛ සේවා ලේබලය සහිත මැතිවරණ ලියවිලි අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත යවා තිබෙනවා. ඉදිරියේදී තැපැල් ඡන්ද සලකුණු කිරීමෙන් අනතුරුව ඒ ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අදාළ තැපැල් කාර්යාල වෙත භාරදීම වෙනුවෙන් සූදානම් බව ද ඔහු ප්‍රකාශ කළා.

තැපැල් දෙපාර්තමේන්තුව බාධා කාරී තත්ත්වයන් යටතේ වුව ද මැතිවරණ කටයුතු වෙනුවෙන් සූදානමින් සිටින අතර ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් තැපැල් ආඥා පනත යටතේ පැවරී ඇති වගීම් කොටස ඉටු කිරීමට බැඳී සිටින බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ.

මැතිවරණ කොමිසමේ දැනුම්දීම අනුව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සඳහා අදාළ ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු මෙම මාසයේ මුල් සතියේ තැපැල් කාර්යාල වෙත ලබාදීම සිදු කෙරෙනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළා.