25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportනේපාල ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයාට අත් වූ ඉරණම

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයාට අත් වූ ඉරණම

17 හැවිරිදි දැරියක් දූෂණය කිරීමේ සිද්ධියකට චෝදනා ලබා සිටි නේපාල ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සන්දිස් ලමිනේ හට පනවා තිබූ තරග තහනම නේපාල ක්‍රිකට් සංගමය ( CAN) විසින් ඉවත් කර තිබෙනවා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය නඩුවේ දි සන්දිස් ලම්දිනේට පසුගිය දා එරට අධිකරණයෙන් ඇප ලබා දීමෙන් අනතුරුවයි.

කෙසේ නමුත් ඔහුව ඇප මත මුදා හැරීමට අධිකරණය ගත් තීරණයට එරෙහිව නේපාල නීතිපතිවරයා සභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

ආදාල සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි 22 හැවිරිදි සන්දිප් ලමිච්චනේ පසුගිය ඔක්තෝබර් 6 වැනි දා අත්අඩංගුවට ගනු ලැබුවේ ක්‍රිභූවන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී වන අතර ඇප ලැබෙන තුරු සිර දඬුවම් විඳිමින් සිටි ඔහුව රුපියල් මිලියන දෙකක (ඩොලර් 15,400) බැඳුම්කරයක් මත මුදා හැරීමට අධිකරණය පසුගිය මාසයේ දී අවසර දුන්නා.

අධිකරණය විසින් ඔහුට ඇප ලබා දීම සම්බන්ධයෙන් නේපාල නීතිපති කාර්යාලයේ නිලධාරියෙක් වන සංජිවි රාජ රෙග්ම AFP පුවත් සේවයට පවසා ඇත්තේ, අදාල ක්‍රීඩකයාව ඇප මත මුදා හැරීමේ තීරණය “දෝෂ සහිත ” බැවින් ඊයේ (31) ඊට එරෙහිව අභියාචනා ගොනු කළ බවයි.

“අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා ඔහුව ඇප මත මුදා හැරීමට මහාධිකරණය දුන් තින්දුව අවලංගු කරන ලෙස. වසර තුනකට වැඩි සිරදඬුවමකට ලක්විය හැකි ඕනෑම අපරාධ වරදකට විත්තිකරුවෙකු අත්අඩංගුවේ සිසිටිය යුතුයි,” යනුවෙන් එම නිලධාරියා AFP පුවත් සේවයට පවසා තිබෙනවා.